Monday, April 8, 2013

අද වැනි දිනක...♥♥


හිතපුරා දැල්වෙන ආදර පහනක
ගින්සිඵව නුඔමයි මගේ අහස
හදින් පෙරුමන් පුරන පැතුමක
ප්‍රාර්ථනාව නුඔමයි මගේ අහස...

                         
                         දෑගිලි ගනිමින් සිටියේ පෙරදිනක
                         මා සොයා එනතුරු මගේ හිමිසඳ
                         නොසිතු නොපැතු එක් දිනක
                         ආවේ නුඔ මගේ දෙනයන වෙතට...


සැමදා ඉකිබිඳිමින් ලියවුණ කවියක
පදයට අරුතක් දුන්නා නු‍‍ඹේ නමින්ම
විදිනවා මා සතුටක් අද ජීවිතයක
ලංව හිදගෙන නු‍ඹේ හද පත්ලට...

                         
                         ආදරෙයි ආදරෙයි කියා සැරසුවා වදනක
                        අද වැනි දිනක නුඔ මගේ ආත්මයම
                       ආදරය ගලනවා දැන් හැම සිතුවිල්ලක
                       සිත්තමක් කල නිසා නුඔ මසිත...
                                          


                              -----------   සඳ  -----------



Wednesday, August 1, 2012

අහස සඳේ ජීවයයි...!!

                       
                    දන්නවද..? දැනෙන්නේ එක දෙයයි.... හැ‍ඟෙන්නේ  එක දෙයයි....ඒ සඳට අහස නැතුව බෑ කියලා විතරයි..සඳ එළිය විහිදුවන්න ඒ සඳ මඩලට නවාදැන් දෙන්න ඉන්නේ අහස විතරමයි.. ඉතින් අහසින් තොර ලොවක් සඳකට තියෙන්න පුළුවන්ද..? බෑ කොහොමටවත් ඒ වෙන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. සඳ හැමදාමත් පායන්නේ අහසේ විතරමයි.. ඔව් මේ නිල් අහසේ විතරමයි.......

             සඳට මේ ලෝකේ පුරා එළිය විහිදුවන්න., සඳ කිරණින් රැය පහන් කරන්න ඉඩක් ලැ‍බෙන්නේ මේ නිල් අහස  සඳත් එක්ක ඉන්නකම් විතරයි.. මේ නිල් අහස සඳ කිරණින් බබලවන්න සඳ මහ හුඟක් ආසයි. මොකද ඒ නිල් අහස නිසා මේ මුළු ලෝකයම වගේ සඳත් හැඬවෙලා ඉන්නවා. කවදාවත්ම සඳට අහස නැතුව හුස්ම ගන්නවත් පුළුවන්කමක් නම් නැහැ. සඳ මඩලට තියන එකම ලෝකය අහසයි. ඒ අහස ස‍‍ඳේ ජීවයයි.ඔව්., ඇත්තමයි අහස සඳේ ජීවයයි. ඒ සැබෑවක්මයි......



සිහින් සීතලෙන් ඇග කීරි ගසන
මද පවනයි මේ ජිවිතයට හමන
හිතපුරා හැමතැන දුව පැන ඇවිදින
සිතුවිල්ලකි මේ ජිවිතය හැඩකරන
හෙමින් හෙමින් සඳෙහි මුවගට පායන
සිනා රැල්ලයි මේ නිල් අහස් ගැබ...




අහස තරම‍ට හීන පුරෝගෙන
පුංචි ලෝකයක් තනන්නට හදන
අහස පුරා පා තබන්නට හිතන
නමුදු හමන සුළගකටත් ගැස්සෙන
එකම සිහිනයක් දකින්නට පතන
කි මේ නිල් අහසක ඇවිදයන...



අහසින් තොර ලොවක් නොදකින
වළාවන් අතරට වී අහසේ සිටින
ට නම් දැන් නොහැකිය බැස යන්න
මේ නිල් අහස් ගැබ තනිකර ....


 -----------   සඳ  -----------




Monday, July 30, 2012

මේ නිල් අහස තරම්...!!


මේ නිල් අහස තරම්
ලස්සන නෑ කිසිවක්
පෙනෙනා මේ හැඩකාරකම්
මවයි මුළු ලෝකයක්


අහස කරනා දඟකාරකම්
දකිනා කෙනෙකුගේ හදක්
කරනවා ආදරේ නම්
නැතුව හදෙහි අවසරයක්


දේදුන්නක පාට තරම්
පෙනෙනවා හරි ලස්සනක්
සැම සිත් කරයි ලෝභකම්
එයට නම් දැනෙයි සඳට තරහක්


දකින්නේ සිහිනයක් නම්
ඒ නිල් අහසම පමණක්
අනේ මේ නිල් අහසක්
සඳ මඩලකට කල දෙයක්


-----------   සඳ  -----------




Sunday, July 29, 2012

සඳෙන් ඇවිත්...


සඳෙන් ඇවිත් හිමිහිට
එන්නැයි කියා සිහිනෙට
ලගින් ඉන්න තනියට
කතාකලේ අහසට

සදටත් වඩා සොදුරු ඔබේ සිත
දිදුලන්නේ
අහම්බෙන් මැවූණු
 ඒ අපුරුම සෙනෙහසට

මලකට නටුවෙන් ගිලිහෙන්නට
දිය  පාරට කඩා හැලෙන්නට
සයුරට නොනගින රැලි නගන්නට
ඇත අවසර.....

එත්
.
.
.
සඳහට අහසින් බැසයන්නට
දියහැකි
කෙලෙසෙකදෝ
 අවසර....?

❦    ❧ ❦ ❧    ❦   

නිල් අහස නුඹයි...!!


නිසලව පෙනෙන කඳු අතරින්
දුර ඈත ඉදන් හිනැහෙන
සිහින් මීදුමක් දෙබැ කරමින්
පරිසරයම සීතලෙන් පුරවන
             ඒ නිල් අහස නුඹයි - නුඹමයි



නිල් පාටින් ලෝ තලයක් හිමිකරන්
පුළුන්වන් වළාවකින් හැඩවුන
සොදුරු රූ සපුවක් හිමිකරන්
දකින සිත්වල ආදරය ලබන
            අහස නුඹ නම් හරි හැඩයි - ලස්සනයි



මුළු  ලෝකයම  කල එළිය  කරන්න
හිරු,සඳු,තරකාවන්ට නවාතැන්දෙන
ඒ නිල් අහස පහන් කරන
අයිතිය සඳටම දුන්න
             අහස නුඹ නම් සඳට සිහිනයක් - සිහිනයක්මයි



ජිවිතයේ  ලස්සන  පෙන්නන
සඳටම පමණක් අයිතිය කියන
ආදරයට උපමාවන් යොදන
සැමටම  වාසනා  ගෙනෙන

              ලොවටම අහසක්වු නුඹ සඳෙයි - සඳගෙමයි




-----------   සඳ  -----------


Friday, July 27, 2012

සඳ කිරණින් බබලන්නට...





ඔබ  රුව නොදැක දකිනා විට
ලංවී හැමදාමත් ඉන්නට
මට ඒ  අවිහිංසක අහසට
සඳ කිරණින් බබලන්නට...




ඔබේ දෑත පටලාගෙන
සෙනෙහසට තුරුළු වෙලා
ඇවිදන් යන්නට පාර සෙවූ
මතකයේ මං මාවත් තුල...




පෙර භවයේ ඇදුනු රුවයි
සඳ වී තුරුලට ආවේ
ඒ  එලිය දැක හැර නොයමි
දැන්නම් සඳ අහසට අයිතියි......