Sunday, July 29, 2012

නිල් අහස නුඹයි...!!


නිසලව පෙනෙන කඳු අතරින්
දුර ඈත ඉදන් හිනැහෙන
සිහින් මීදුමක් දෙබැ කරමින්
පරිසරයම සීතලෙන් පුරවන
             ඒ නිල් අහස නුඹයි - නුඹමයි



නිල් පාටින් ලෝ තලයක් හිමිකරන්
පුළුන්වන් වළාවකින් හැඩවුන
සොදුරු රූ සපුවක් හිමිකරන්
දකින සිත්වල ආදරය ලබන
            අහස නුඹ නම් හරි හැඩයි - ලස්සනයි



මුළු  ලෝකයම  කල එළිය  කරන්න
හිරු,සඳු,තරකාවන්ට නවාතැන්දෙන
ඒ නිල් අහස පහන් කරන
අයිතිය සඳටම දුන්න
             අහස නුඹ නම් සඳට සිහිනයක් - සිහිනයක්මයි



ජිවිතයේ  ලස්සන  පෙන්නන
සඳටම පමණක් අයිතිය කියන
ආදරයට උපමාවන් යොදන
සැමටම  වාසනා  ගෙනෙන

              ලොවටම අහසක්වු නුඹ සඳෙයි - සඳගෙමයි




-----------   සඳ  -----------


No comments:

Post a Comment