Monday, July 30, 2012

මේ නිල් අහස තරම්...!!


මේ නිල් අහස තරම්
ලස්සන නෑ කිසිවක්
පෙනෙනා මේ හැඩකාරකම්
මවයි මුළු ලෝකයක්


අහස කරනා දඟකාරකම්
දකිනා කෙනෙකුගේ හදක්
කරනවා ආදරේ නම්
නැතුව හදෙහි අවසරයක්


දේදුන්නක පාට තරම්
පෙනෙනවා හරි ලස්සනක්
සැම සිත් කරයි ලෝභකම්
එයට නම් දැනෙයි සඳට තරහක්


දකින්නේ සිහිනයක් නම්
ඒ නිල් අහසම පමණක්
අනේ මේ නිල් අහසක්
සඳ මඩලකට කල දෙයක්


-----------   සඳ  -----------




No comments:

Post a Comment