Sunday, July 29, 2012

සඳෙන් ඇවිත්...


සඳෙන් ඇවිත් හිමිහිට
එන්නැයි කියා සිහිනෙට
ලගින් ඉන්න තනියට
කතාකලේ අහසට

සදටත් වඩා සොදුරු ඔබේ සිත
දිදුලන්නේ
අහම්බෙන් මැවූණු
 ඒ අපුරුම සෙනෙහසට

මලකට නටුවෙන් ගිලිහෙන්නට
දිය  පාරට කඩා හැලෙන්නට
සයුරට නොනගින රැලි නගන්නට
ඇත අවසර.....

එත්
.
.
.
සඳහට අහසින් බැසයන්නට
දියහැකි
කෙලෙසෙකදෝ
 අවසර....?

❦    ❧ ❦ ❧    ❦   

No comments:

Post a Comment