Friday, July 27, 2012

සඳ කිරණින් බබලන්නට...





ඔබ  රුව නොදැක දකිනා විට
ලංවී හැමදාමත් ඉන්නට
මට ඒ  අවිහිංසක අහසට
සඳ කිරණින් බබලන්නට...




ඔබේ දෑත පටලාගෙන
සෙනෙහසට තුරුළු වෙලා
ඇවිදන් යන්නට පාර සෙවූ
මතකයේ මං මාවත් තුල...




පෙර භවයේ ඇදුනු රුවයි
සඳ වී තුරුලට ආවේ
ඒ  එලිය දැක හැර නොයමි
දැන්නම් සඳ අහසට අයිතියි......

No comments:

Post a Comment