Wednesday, August 1, 2012

අහස සඳේ ජීවයයි...!!

                       
                    දන්නවද..? දැනෙන්නේ එක දෙයයි.... හැ‍ඟෙන්නේ  එක දෙයයි....ඒ සඳට අහස නැතුව බෑ කියලා විතරයි..සඳ එළිය විහිදුවන්න ඒ සඳ මඩලට නවාදැන් දෙන්න ඉන්නේ අහස විතරමයි.. ඉතින් අහසින් තොර ලොවක් සඳකට තියෙන්න පුළුවන්ද..? බෑ කොහොමටවත් ඒ වෙන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. සඳ හැමදාමත් පායන්නේ අහසේ විතරමයි.. ඔව් මේ නිල් අහසේ විතරමයි.......

             සඳට මේ ලෝකේ පුරා එළිය විහිදුවන්න., සඳ කිරණින් රැය පහන් කරන්න ඉඩක් ලැ‍බෙන්නේ මේ නිල් අහස  සඳත් එක්ක ඉන්නකම් විතරයි.. මේ නිල් අහස සඳ කිරණින් බබලවන්න සඳ මහ හුඟක් ආසයි. මොකද ඒ නිල් අහස නිසා මේ මුළු ලෝකයම වගේ සඳත් හැඬවෙලා ඉන්නවා. කවදාවත්ම සඳට අහස නැතුව හුස්ම ගන්නවත් පුළුවන්කමක් නම් නැහැ. සඳ මඩලට තියන එකම ලෝකය අහසයි. ඒ අහස ස‍‍ඳේ ජීවයයි.ඔව්., ඇත්තමයි අහස සඳේ ජීවයයි. ඒ සැබෑවක්මයි......



සිහින් සීතලෙන් ඇග කීරි ගසන
මද පවනයි මේ ජිවිතයට හමන
හිතපුරා හැමතැන දුව පැන ඇවිදින
සිතුවිල්ලකි මේ ජිවිතය හැඩකරන
හෙමින් හෙමින් සඳෙහි මුවගට පායන
සිනා රැල්ලයි මේ නිල් අහස් ගැබ...




අහස තරම‍ට හීන පුරෝගෙන
පුංචි ලෝකයක් තනන්නට හදන
අහස පුරා පා තබන්නට හිතන
නමුදු හමන සුළගකටත් ගැස්සෙන
එකම සිහිනයක් දකින්නට පතන
කි මේ නිල් අහසක ඇවිදයන...



අහසින් තොර ලොවක් නොදකින
වළාවන් අතරට වී අහසේ සිටින
ට නම් දැන් නොහැකිය බැස යන්න
මේ නිල් අහස් ගැබ තනිකර ....


 -----------   සඳ  -----------




3 comments:

  1. හරිම ලස්සන අදහස් ටිකක්..

    ReplyDelete
  2. ඔබ ඉක්මනින් http://www.facebook.com/Hiruhimawi පේජ් එකේ සාමාජිකත්වය ගන්නවානම් හොඳයි යාලු.. ඔබ අපේ අඩවියේ තරගයකට අයදුම් කළා නේද??

    ReplyDelete
  3. ඉක්මනින් අපහා සම්බන්ධවන්න.

    ReplyDelete